ලිව්වේ : රටකජු Sunday, October 13, 2013



කොහොමද මචංලා ඉස්ස ඉස්සෙල්ලම පොඩි වැඩ කෑල්ලක් අරන් අද අවා... ආසයිද Windows ඔයාගේ මව් භාෂාවෙන් හසුරවන්න ඒ කිව්වේ සිංහලෙන් කෝමද ආ... ආ... හරි ඔන්න මම අද අරන් අවා ඔයාගේ සම්පූර්න මුළු Windows මෙහෙයුම් පද්ධතියම සිංහල භෂාවට හරවගන්න ක්‍රමයක්.මේක පට්ට software එකක්.බය වෙන්න එපා හරිම චූටි Software කෑල්ලක්.. Windows අපිට ලබ දෙන Microsoft සමාගමෙන් තමයි අපිට මේකත් ලබා දෙන්නේ.හරි බලමු දන් කෝමද වැඩේ කරන්නෙ කියලා....

Windows Vista
Windows 7
Windows 8

යන මෙහෙයුම් පද්ධති 3 සදහාම ඔවුන් මෙම පහසුමකම ලබා දීලා තියෙනවා.ඔබගේ මෙහෙයුම් පද්ධතියට අදාල Software එක පහත සබැදියන්ගෙන් බාගත කරගන්න.


Windows 7 මෙහෙයුම් පද්ධතිය සදහා

Windows 8 මෙහෙයුම් පද්ධතිය සදහා


Windows Vista මෙහෙයුම් පද්ධතිය සදහා

සහෝ මතක තියාගන්න ඔයාලගේ පරිගණකයේ bit  අගයට ගැලපෙන්න තමයි ඔයාලා මේ  software  එක බා ගන්න ඕනි.
මෙන්න මේ වගෙ Interface එකක් මුලින්ම එනවා ඔයාලට මේක Download   කරන්න යද්දී.


බාගැනීමයි කියන එක මත click කරන්න .හරි දැන් ඔයාලට තියෙන්නේ පරිගනකයේ bit අගය තෝරන්න.පහත රූප සටහනෙන් ගැලපෙන අගය ඉදිරියෙන් tick එකක් දමන්න.

මේ දෙකෙන් ඔයලට ඕනි එකට ටික් එක දාලා ඊලග කියන එක click  කරන්න.දැන් File එක Download වෙන්න පටන් ගනියි..

හරි දැන් Download වෙච්ච setup file එක open කරගන්න.ඒ එන Interface එකේ "Sinhala" කියන එකට ටික් එක දාලා Next කරන්න.


හරි මේකෙන් පස්සේ Agreement Form එකක් එයි ඒකත් Next කරන්න.ඊලගට එන Interface එකත්  Next කරන්න. install වුනට පස්සේ එන එකත් Next කරන්න.
දැන් ඔයාලට මෙන්න මේ වගේ Interface එකක් අවිත් ඇති.ඒකේ සිංහල කියන එක select  කරලා  Next කරන්න පහත රූප සහටහනේ විදියට.


දැන් PC එක restart වෙයි.ඊට පස්සේ එදන් ඔයා මැෂින් එක සිංහලම තමා.... මුලදී නම් ටිකක් අමාරු වෙයි ඒත් වෙනසකටත් එක්ක කරලා බලන්න.

අහා අමතක වුනා ඔයාලට අයේ English වලට convert කරගන්න උවමනා නම්.

Start ---> පාලක පුවරුව ---->හෝරා යන්ත්‍ර භාෂා හා කලාපය --->යතුරු පුවරු හා අනෙකුත් අදාන ක්‍රම වෙනස් කරන්න ----> සිංහල (select කරන්න) ----> හරි

මොකද ඕකත් අනිවා එන ප්‍රස්නයක් .. :D

ඔබේ අදහස් / යොජනා අපිට කියලම යන්න

Subscribe to Posts | Subscribe to Comments

Copyright © රටකජු - Peanuts- Designed by රටකජු Teamසියලුම හිමිකම් ඇවිරිණි.